සේවක අර්ථ සාධක අරමුදල් පනත සශෝධනය කෙරේ

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ .

සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් මෙම සංශෝධන සිදු කිරීමට නියමිත බව කම්කරි අමාත්‍යංශය වැඩි දුරටත් පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසනුයේ යොජිත සංශෝධන ඔස්සේ අධිභාර, අධිභාර අයකිරීම් යාන්ත්‍රණය වඩා ඵලදායී තත්ත්වයට ගෙන ඒම, වානිජ බැංකු වෙනුවට සේවක අර්ථසාධක අරමුදල හරහා එහි සාමාජිකයින්ට ණය පහසුකම් ලබා දීම, පිරිමි සහ කාන්තා ශ්‍රමික දෙපාර්ශ්වයේ හිමිකම් සම්බන්ධයෙන් පවතින අසමානතා ඉවත් කිරීම ආදී කරුණු ඉටුකිරීම අරමුණ බවයි .

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඊයේ (30) දිනයේදී කම්කරු උපදේශක සභාවේදී අවධානය යොමු කර තිබේ . එම අවස්ථාවට කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙන්ම ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය මෙන්ම වෘත්ති සමති නියෝජිතයින්ද එක්ව සිටිහ .