ලුවී කෞතුකාගාරයට පැන්න හොරු මොනාලිසා අතහැර ආභරණ රැගෙන පලායති

ලොව විශාලතම කෞතුකාගාරය ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝකප්‍රකට ලූව් කෞතුකාගාරයේ අද (19) පෙරවරුවේ මංකොල්ලයක් සිදුව ඇතිබව වාර්තා වේ.

මහජන ප්‍රදර්ශනය සඳහා අද උදෑසන එම කෞතුකාගාරය විවෘත කිරීමෙන් සුළු වේලාවකට පසුව මෙම මංකොල්ලය සිදුව ඇත . ට්‍රක් රථයක සවිකළ ස්වයංක්‍රීය ඉණි මගක ආධාරයෙන් ගොඩනැගිල්ලේ පළමු මහලට ළඟා වූ පුද්ගලයන් තිදෙනෙක් එහි ජනේලයකින් ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇති බව වාර්තා වෙයි. විනාඩි 5 ක් තරම් කෙටි කාලයක් තුළ සොරකම නිමකළ ඔවුන් යතුරුපැදි වලින් පලාගොස් ඇත .

මෙම සොරුන් කණ්ඩායම කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියේ තැන්පත් කර තිබූ මිල කළ නොහැකි කෞතුක ආභරණ නවයක් රැගෙන ගොස් ඇති බව සිදුකළ විමර්ශණයකදී අනාවරණය කර ගැනීමට හැකිව ඇත

ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටිනා කෞතුක භාණ්ඩ 35,000කට අධික ප්‍රමාණයක් ලුවී කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.