සූර්ය බලයෙන් ජනනය කරනා විදුලි ඒකකයක මිල රුපියල් 45 දක්වා ඉහළ දමයි .

සූර්ය පැනල සහිත ස්ථාපිත කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා කාලය මත පදනම් වූ ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමට රජය අනුමැතිය ලබා දී ඇත.

මේ මගින් සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීම දිරිගන්වයි . එමගින් ඔවුන්ට දිවා කාලයේදී ජනනය වන අතිරික්ත විදුලිය ගබඩා කර ගතහැක. එලෙස ගබඩාකල විදුලිය වැඩි ඉල්ලුමක් ඇති සවස එනම් සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරීමට ඉඩ සැලසේ.

නව ගාස්තුව බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා ඒකකයකට රු. 45.80ක් ලෙස නියම කර ඇත.

මෙම ප්‍රවේශය මගින් විදුලිබල පද්ධතියේ ස්ථායිතාව වැඩි දියුණු වනවාට අමතරව තාප විදුලි ජනනය සැලකිවයුතු ලෙස අඩුකර ගැනීමට හැකිවනු ඇත . එමගින් විදුලි ජනනය සඳහා පොසිල ඉන්ධන භාවිතය අඩුකර ගැනීමට හැකිවනු ඇත.