මෙරට පවතින ඖෂධ හිඟය 2026 වසරේදීද පවතිනු ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
ලබන වර්ෂය එලබීමට පෙර ඖෂධ හිඟය නිමකරන බවට සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව ප්‍රකාශ කළද මේවන විටත් දිවයින පුරා ප්‍රධාන පෙළේ රෝහල් තුළ අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග සියයකට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවත්, ඒ අතර ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන අයිතම වර්ග ද රැසක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
මෙම ඖෂධ හිඟය එක් වරම ඇති වූවක් නොව වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ වර්ධනය වෙමින් ආ එකක් බවත්, එය ඉතා පැහැදිළිවම දේශපාලන සහ පරිපාලනමය දුර්වලතාවයක් බවත් ඔහු පවසයි . හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන කාලේ සිටම මෙම අර්බුදය පැවති බවත් එයට සෞඛ්‍ය අමාත්‍යංශ ඉහළ නිලධාරීන් සෘජුව වගකිව යුතු වන බවත් ඔහු පවසයි .
IV Noradrenaline, IV cefotaxime, iv amicacine, clarithomycine, levofloxacillin, inj adenosine, sodium nitroprusside, inj verapamil, isoprenaline, protamine sulphate, inj promethazine මෙන්ම GTN, salbutamol oral solution, තුවාල යක් මැහීම සඳහා භාවිතා කරන prolene, polypropylene, nylon, knee implants ආදී ඖෂධ සහ ශල්‍ය අයිතම රසක හිඟය නිසා මේ වන විට රෝගී සත්කාර සේවා වලට බාධා එල්ල වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.