මහින්ද සිටි විජේරාමේ ල‍යිට් වතුර කපන්න ඇවිල්ලා

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ පදිං­චිව සිටි කොළඹ 07, විජේ­රාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟ­යක් පැව­තීම නිසා එම සබඳතා විසන්ධි කිරී­ම්මේ සූදා­නමක් පවතින බව වාර්තා වේ. ඒ අනිව ඉකුත් 7 වනදා ජල සැපයුම විසන්දි කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සහ විදුලිබල මණ්ඩළයේ නිළධාරීන් එහි ගොස් ඇත .

එම අවස්ථාවේ එහි සිටි ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කරන බව පැවසීම නිසා එම නිළධාරීන් නැවත පැමිණ ඇත .

එම නිවසේ රුපි­යල් ලක්ෂ 6ක හිඟ ජල බිල්ප­තක් ඇති බව ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ සභා­පති චන්දන බණ්ඩාර­ මාධ්‍යට පවසා ඇත . ඊට අමතරව රුපියල් ලක්ෂයකට ආසන්න හිඟ විදුලි බිලක්ද ඇති බව වාර්තා වේ .

විජේ­රාම මාව‍තේ පිහිටි නිවස මෙ‍‍තෙක් නිල වශ­යෙන් භාරදී නැත. මෙහි ඇති රජ­යට අයත් භාණ්ඩ ලේඛන පරී­ක්ෂ­කර ඒවා වෙන් කර­ගැ­නී­මෙන් අන­තු­රුව හිටපු ජනාධිපති මහින්ද රාජ­පක්ෂ මහ­තාට අයත් භාණ්ඩ ඉවත් කර­ගෙන නිවස බාර දීමට නියමිත බව මහින්ද රාජ­පක්ෂගේ පාර්ශ්ව­ය පවසයි .