පොලිස් අත් අඩංගුවට පත්ව සිටිනා බෙලිඅත්තේ සනා නැමැති පුද්ගලයා පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන ඉරිදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටිනා ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශහට දන්ව ඇත .
ඒ දැන්වීම කර ඇත්තේ එම ප්‍රකාශය ලබගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා අද දිනයේ තංගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබුනි . එහෙත් ඒ සඳහා අද පැමිණිය නොහැකි බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුව ලබන ඉරිදා පැමිණෙන ලෙස දන්වා ඇත .
තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි.