ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවී තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ඊයේ සවස මෙම හමුව පවත්වා ඇත.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කළ ඉල්ලීමකට අනුව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම හමුව සංවිධානය කර ඇත.
මීට පෙර ඉන්දීය මහ කොමසාරිස්වරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද හමුවී සාකච්ඡා කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් යාමට පෙර කොළඹ සිටින චීන තානාපතිවරයා විජේරාම මාවතේ පිහිටි නිල නිවසට ගොස් හමුවී තිබුණි. ඊට පසුව චීන තානාපතිවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද හමුවී තිබේ.
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී චීන තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායකට දුරකතනයෙන් කතා කර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු විමසා තිබෙන බවද තානාපති ආරංචිමාර්ග සදහන් කරයි.
