තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් ගත වුනේ ජනතාව සමග බවත්, බලය ඇතත් නැතත් ජනතාව තමන් සමග සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆේස් බුක් සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපතිවරයා තංගල්ල කාල්ටන් නිවසට ගිය පසුව ඔහු හමුවීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර එම පිරිස්වල ඡායාරූප සමගින් එම සටහන තබා තිබේ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ෆේස් බුක් පිටුවේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්මවයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ.
හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක.
කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි.
ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි.