ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හරහා සමාගමේ විශිෂ්ටත්වය තවදුරටත් විදහා දක්වයි 

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය ජුනි මස 20 සහ 21 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුවේ මෙවර තේමා පාඨය වූයේ “Celebrating Excellence – The Legacy Continues” යන්නයි. සමාගමේ ආදායම් ඉලක්ක සාර්ථකව සපුරා ගනිමින්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා සුවිශේෂී කැපවීමක් ලබා දෙමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පිරිස් ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’  හරහා ඇගයීමට ලක් කළේය.

දින දෙකක් පුරා පැවති මෙම සමුළුවේදී SLICGL හි අලෙවි නිලධාරීන් 3000 කට වැඩි පිරිසක් සහිත පුළුල් ජාලය තුළ සිටින ඉහළ කාර්යසාධනයක් සහිත අලෙවි නිලධාරීන්, කළමනාකරුවන් ආයතනික ජයග්‍රාහකයින් කේන්ද්‍ර කරගත්, ඵලදායි කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් වර්ධනය කරමින් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් පුද්ගලයින් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

මෙහිදී අලෙවි නිලධාරීන් 200 කට වැඩි පිරිසක් ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් හා ලබා දුන් විශිෂ්ට වූ සේවාව වෙනුවෙන් ගෞරවණීය ඇගයීමට පාත්‍ර විය.

සමුළුව ආරම්භයේදීම ‘General Champions’ තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ඇගයීම් උපහාර පිරිනැමූ අතර එහිදී සමාගමේ ආදායම් ඉලක්ක සපුරාලමින් සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය වර්ධනය කිරීම වෙනුවෙන් එම ජයග්‍රාහකයින්ගේ කාර්යභාරය අගය කෙරිණි.

මෙම ඇගයීම් සම්මාන පිරිනැමූ සම්මානලාභීන් අතරට සමාගමේ ප්‍රධාන කාර්යාලය, ශාඛා කාර්යාල, බැංකු රක්ෂණ සහ ආයතනික අලෙවි අංශ නියෝජනය කරමින් ඉතා ඉහළ කාර්යසාධනයකින් කටුතු කරනු ලැබූ රක්ෂණ උපදේශකයින්, අලෙවි විධායකයින්, කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන්, අලෙවි නිලධාරීන් සහ අලෙවි අධීක්ෂකවරුන් ඇතුළත් විය.

මෙම සමුළුවේදී ක්ෂේත්‍රයේ පිළිගත් විශේෂඥයින් විසින් පවත්වනු ලැබූ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක්ද පැවැත්විණි. එම සැසි හරහා මේ සඳහා සහභාගීවූවන්ගේ දක්ෂතාවයන් වැඩිදියුණු කිරීමට හා වෙනස්වන රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත අභියෝගයන් සඳහා මුහුණ දීමට හැකිවන අයුරින් ඔවුන්ව බලගන්වන ලදී. 

රක්ෂණ ක්ෂේත්‍රය නැවත හැඩගැස්වීමේදී ඩිජිටල් පරිවර්තනයේ කාර්යභාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙමින් ව්‍යවසාය තාක්ෂණ ඒකාබද්ධ කිරීම පිළිබඳව සහ AI හා ස්වයංක්‍රීයකරණය පිළිබඳ විශේෂඥ, තරංග රත්නායක මහතා විසින් මෙහිදී වටිනා දේශනයක් පැවැත්විය. අලෙවිකරණයේ ඵලදායිතාවය හා මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා පැවැත්වූ දේශයනය සමුළුවේ අවධානයට යොමු විය.

අලෙවිකරණය, මහජන සබඳතා සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම්ලත් වෘත්තිකයෙකු වන නෙවින්දි අමරසිංහ විසින් මෙහිදී ඩිජිටල් යුගයේ පාරිභෝගික අත්දැකීම් විශිෂ්ටත්වය, සන්නාම සන්නිවේදන උපාය මාර්ග සහ ඵලදායී කොටස්කරුවන්ගේ පැමිණීම පිළිබඳව සිත් ඇදගන්නා දේශනයක් පැවැත්වූවාය.

මීට සමගාමීව මෙම සමුළුවේදී, විනෝදාත්මක හා කණ්ඩායම් සාමූහිකත්වය වර්ධනය කෙරෙන ක්‍රියාකාරකම් රැසක් පවත්වනු ලැබීය. මේ තුළින් සහභාගීවුවන්ගේ අන්තර් සබඳතා ඵලදායී අයුරින් වැඩිදියුණු කිරීමටත් සැහැල්ලු පරිසරයක් තුළ මිත්‍රත්වයන් ගොඩනගා ගැනීමටත් අවකාශය ලැබිණි.  

‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ ජයග්‍රහණ සඳහා වූ සැමරුමක් වූ අතර අඛණ්ඩ නවෝත්පාදනය සහ වර්ධනය සඳහා උනන්දුවක් ඇති කිරීමට සමත් වූ සමුළුවක් විය. ඉහළම කාර්ය සාධනයක් පෙන්නුම් කරන පුද්ගලයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කර ගනිමින් පැවති මෙම සමුළුව සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ පාරිභෝගිකයින් බල ගන්වමින්, විශිෂ්ටත්වය වර්ධනය කිරීම සහ නායකත්වය පවත්වා ගැනීම සඳහා වන SLICGL හි මෙහෙවරට විශාල රුකුලක් ලබා දෙනු ලැබීය.