ලන්ඩන් යන්න රනිල්ට ලැබුණ නිල ආරාධනාව එළියට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට හේතුවූ ලන්ඩන් සංචාරයට අදාල නිල ආරාධනාවක් මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට ලන්ඩනයේ Wolverhampton විශ්ව විද්‍යාලය විසින් උපාධියක් ලබාදීමේ අවස්ථාවට සහබාගී වීම සදහා රනිල් වික්‍රමසිංහ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබේ. ඒ ඇමරිකාවේ සිට ලංකාවට පැමිණෙන අතරවාරයේදීය.

මේ සදහා රජයේ මුදල් භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේය. කෙසේ වෙතත් මෙම උත්සවයට සහභාගීවීම සදහා රනිල් වික්‍රමසිංහටත් මෛත්‍රී වික්‍රමසිංහටත් ආරාධනා කරන නිල ආරාධනාව මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම නිල ආරාධනාව කර ඇති අතර එම ආරාධනාව පහත දැක්වේ.