රටේ අගනගරයේ කුණු ගොඩෙත් වංචා

කෝට්ටේ නගර සභාවේ දුෂිත ගණුදෙනුවක් සම්බන්ධයෙන් කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා අල්ලස් කොමිසමට පසුගිය දා පැමිණිල්ලක් කර තිබෙනවා.

කසල කළමනාකරණ කටයුතුවලදී දුෂණයක් සිදුවන බවට එම පැමිණිල්ලේ සඳහන් වන අතර අදාළ ලිපිගොණු වෙනස් කිරීමට හෝ අතුරුදන් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බව ඔහු මාධ්‍ය හමුවේ සඳහන් කළා.