ගාල්ලේ දී ඇමතිවරුන්ට මාධ්‍යවේදීන්ගෙන් මතක හිටින පාඩමක්

ගාල්ල දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ නිලවරණය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසක් මාධ්‍ය ආවරණ කටයුතුවලන් ඉවත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ නිලවරණය ආවරණය කිරීමට පැමිණෙන ලෙසට මාධ්‍යවේදීන්ට ආරාධනා කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථානගතවී සිටින ගාල්ල දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරියාය.

කෙසේ නමුත්ල නිලවරණය පැවැත්වෙන අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මාධ්‍යවේදීන්ට දැනුම්දී ඇත්තේ ඉන් පිටව යන ලෙසයි.

එදින සවස සම්මේලනය පැවැතියේ නියෝජ්‍ය ඇමැතිවරුන් වන නලීන් හේවගේ සහ රත්න ගමගේ ගේ ප්‍රධානත්වයෙනි. අනතුරුව මාධ්‍යවේදීහු එය ආවරණය කිරීමෙන් ද වැළකී සිටියහ