ඉල්ලුම ඉහළ මට්ටමක නම් අය වැය මගින් වාහන ආනයන බදු ඉහළ දැමීමේ සූදානමක්

වාහන ආනයනය සදහා වන ඉල්ලුම ඉහළ මට්ටමක පවතින්නේ නම් අය වැය ලේඛනය මගින් වාහන ආනයන බදු ඉහළ දැමීමට නියමිතව තිබෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ ආකාරයට ඉහළ වාහන ආනයන ඉල්ලුමක් පවතින්නේ නම් එය රටේ විදේශ සංචිතයට බලපෑමක් එල්ල කළ හැකි නිසා මේ ආකාරයට වාහන ආනයන බදු ඉහළ නැංවීමට නියමිතව ඇත.

වාහන ආනයනය සදහා අවසර ලබාදුන් දින සිට මේ දක්වා ඩොලර් බිලියන 1.2ක ණයවර ලිපි නිකුත් කර තිබෙන බවද අනාවරණය වේ. එහෙත් එම ණයවර ලිපිවලින් නිදහස් කර ඇත්තේ ඩොලර් මිලියන 500ක පමණ ප්‍රමාණයක් වන බවද මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ වන විට පුද්ගලික පරිහරණය සදහා වාහන තිස් දහසක් පමණ මෙරටට ආනයනය කර තිබේ. ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් වැය කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.