කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරුගේ පුත්‍රයා නිවසේ නිදි යහනේදීම වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් කෝටි 15 කප්පම් මුදලක් ලබානොදීම මත යැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කොස්ගොඩ වෙරළ ප්‍රදේශයෙන් පැමිණ මෙම නිවසේ ජනේලය අසලින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඊයේ අලුයම 05 ට පමණය.
එම ඝාතනය විදේශයේ සිට මෙහෙයවූ බව කියන ශෂී නමැත්තා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරුට ඝාතනය වීමට පැයකට පෙරද පුත්‍රයා වෙඩි තබා ඝාතනය කරන බවට දුරකථනයෙන් කතාකර තර්ජනය කර ඇතැයිද පොලිසිය පවසයි.