හිටපු අමාතය මනූෂ නානායක්කාර මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතාගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා විසින් මනූෂ නානායක්කාර මහතාට එරෙහිව සෘජුව හෝ වක්රව අපහාස වන අයුරින් ප්රකාශයන් පළ කිරීම මෙන්ම කුමන ආකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම වලක්වාලමින් සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබූවා.
පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතා වෙනුවන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පෙනී සිටියා. නඩුව එලඹෙන අගෝස්තු මස 07 වන දින යලි කැදවීමට නියමිතයි.