සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබේ.
අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කළේ පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම ආදායම ලබාගත් බවය.