ලංකාවට අලුත් වාහන එයි – මෙන්න ගණන්

වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය වරායට ළඟාවිය.

තවත් වාහන අද දිනයේදී ලංකාවට පැමිණිමට නියමිතය.

මෙම වාහන තොගය තායිලන්තයේ සිට ලංකාවට පැමිණිමට නියමිත අතර ජපානයේ සිට පැමිණෙන වාහන තොගය ලබන 27 වැනිදා හම්බන්තොට වරායට ලගාවීමට නියමිතව තිබේ.

ඒ අනුව වාහන අලෙවිසැල්වල අලුත් වාහන මිලදී ගැනිම සදහා ලබන සදුදා සිට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සදහන් කරයි.

අලුත් වාහන රට තුළට පැමිණිමත් සමග වෙළදපොලේ පවතින පාවිච්චි කරන ලද වාහනවල මිල සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කළේය.

ඒ අනුව අලුත් වාහනවල මිල ගණන් මෙසේය. මෙම මිල ගනන් රුපියල් මිලියන වලිනි

Toyota Lite Ace – 7.45
Land Cruser – 118
Rize – 12.25
Wigo – 19.15
Prius – 28.9
Corolla Cross – 35.5
Camry – 44
Yaris Cross – 21.15
Hiace – 19.95

Attrage – 11.23
X Pander – 14.99
X pander Cross – 16.1
Outlander Sports – 19
L 200 – 18.1
Wagon R – 7