මහජන බැංකුවේ YouTube චැනලයSubscribe කර අලුත්ම Apple iPhone 16 Pro 16 දුරකතනයක් හිමි කරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරාගැනිමේ තෙවැනි අදියරේ දිනුම් ඇදීම මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා පැවති අතර, එහි වාසනාවන්ත ජයග්‍රාහකයා වූයේ කිරිබත්ගොඩ පදිංචි හසිරු උදන්ත මහතායි.
ඒ අනුව, ඔහුට හිමි Apple iPhone 16 Pro දුරකතනය පිරිනැමීම මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන මහතා අතින් සිදුකෙරිණි. නියෝජ්‍ය අලෙවි ප්‍රධානි චරිත ඩී. කරුණාරත්න මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
මෙම වැඩසටහන සති අටක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අතර, Apple iPhone 16 Pro චැනලය subscribe කර අදාළ වෙබ් අඩවියට පිවිස එම screen shot එක upload කිරීමෙන් මෙම දිනුම් ඇදීමට ඇතුල්වීමට අවස්ථාව සලසා තිබිණි. Youtybe චැනලයට අමතරව මහජන බැංකුවේ Face Book, instragrm, tik tok ගිණුම් වෙත පිවිස ඒවා Subscrib, like, fallow කර screen shot එක upload කිරීමෙන් දිනුම් අවස්ථා වැඩිකර ගැනීමට අවස්ථාව සලසා තිබිණි.