අයවැය 2025- මෙතැනින් කියවන්න

රාජ්‍ය සේවක වැටුප රුපියල් 15,750 කින් ඉහළට – වැඩිවීම කොටස් වශයෙන්

අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට 40,000 දක්වා ඉහළ නංවනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකබාද්ධ කරන අරත රුපියල් 8250ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට ආදාලව සිදු කිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමාගමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපති මණ්ඩල, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිද හමුදා නිලධාරීන් සදහාද මෙය අදාල වේ.

රුපියල් 15,750ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ශකි වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. ඒ අනුව රුපියල් 250ක අවම වාර්ශක වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත.

මෙම වැටුප් වැඩිවීම අදියර වශනේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු ශුද්ධ වැඩිවීමෙන් රුපියල් 5000ක් සහ ඉතිරි මුදලින් සියයට 30ක් 2025 අප්‍රේල් මාසයේ සිැ ගෙවනු ලබනවා. ඉතිරි සියයට 70 2026 ජනවාරි සහ 2027 ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවීමට කටයතු කරනවා

ඌණ උපයෝජිත රජයේ වතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට

වී සහ සහල් එකතුකිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීමට වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, ප්‍රාදේශීය වැවිලි සමාගම, එන්එල්ඩීබී විසින් කළමනාකරණය කරන ඇතැම් වතු, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සමාගම, ජන වසම මගින් පාලනය කරන ඌණ උපයෝජිත ඉඩම් හදුනාගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකියන් ඇතුළත් පුද්ගලික ආයෝජනකයින්ට ලබාදීමට කටයුතු කරනවා.

ඉඩම් නිකම් තියෙන්න බෑ. අපි කුඩා රටක්. ඉඩම් නිකම් නොතිබිය යුතුයි. ඌණ උපයෝජිත ඉඩම් සංවර්ධනය කළ යුතුයි. මේවා හදුනා ගැනීම සදහා මිලියන 250ක් වෙන් කරමු. වගා කරන්න ආරම්භ කරමු. පුද්ගලික අංශයට ඒ සදහා අවස්ථාව ලබාදෙමු.

5 වසරේ ශිෂ්‍යත්වය ඩබල් වෙයි – මහපොලත් 7500ට වැඩිවේ

පහ වසරේ ශිෂ්‍යත්වයේ සුසුදුකම් ලැබූ අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ගේ ශිෂ්‍යාධාර මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට රුපියල් 1500 දක්වා දෙගුණයකින් ඉහළ දමනවා. මේ සදහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ක්‍රීඩා පාසල්වල සිටින ළමුන්ට ලබාදෙන රුපියල් 5000ක මාසික පෝෂණ දීමනාව රුපියල් 10,000 දක්වා දෙගුණ කරනවා. වෘත්තීය අධ්‍යාපනය හදාරණ සිසුන් සදහා ලබාදෙන මාසික දීමනාව රුපියල් 4000 පිට 5000 දක්වා වැඩි කරනවා

විශ්ව විද්‍යාල සිසුන් සදහා ලබාදෙන මහපොල ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට 7500 දක්වා ඉහළ දමනවා. විශ්ව විද්‍යාල දරුවන්ට ලබාදෙන ශිෂ්‍යාධාරය රුපියල් 4000 සිට 6500 දක්වා ඉහළ දැමීමට යෝජනා කරනවා.

2025 අප්‍රේල් සිට මෙම දීමනා ගෙවීම් කරනවා.

මන්ත්‍රී පර්මිට් එක නෑ – රාජ්‍ය නිලධාරීන්ට වාහනය වෙනුවට දීමනාවක්

රාජ්‍ය වියදම් විධිමත් කිරීමට රජය අඛන්ඩව උත්සාහ කරනවා. මහජන ජනතාවට ලබාදෙන දීමනා හා ප්‍රතිලාභ සියල්ල නැවත සමාලෝචනය කරනවා. රක්ෂණය ලක්ෂ 10 සිට ලක්ෂ දෙකහමාරට අඩු කරනවා. 2023 දී තිබුණ තත්වයට ගේනවා.

වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ආදර්ශයක් ලබාදීමට ඇමැති මණ්ඩලය 21කට අඩු කළා. ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වියදම් තාර්කීකරණය කළා.

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ඇතුළු ඇමැතිවරුන් වෙන් කර ඇති මන්දිර ඇතුළු පොදු සම්පත් මහජන භාවිතාවට යොමු කිරමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒවැනි දේපල ආර්ථික ශක්‍යතාවයක් ඇති වැඩසටහන් සදහා යොමු කරනවා.

දැනටමත් ඇමැතිවරයෙක් සිටි නිල නිවාසයක් දූෂණ විරෝධී කාර්යාලයට ලබාදුන්නා. ඉඩ මදි කියලා. ඇමැතිවරයා ඉන්නවාද, දූෂණ විරෝධී කාර්යාලය තියනවාද? ප්‍රමුඛ මොකක්ද?

මෙම නිවාස ජනතාවගේ ප්‍රයෝජනයට හා ආර්තිකයට හිතකර ලෙස යොදා ගැනීමට පැකිලෙන්නේ නෑ.

අධික නඩත්තු වියදම් යන සහ අධික ධාවන වියදමක් තිබෙන සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරනවා. අලුත් වාහන සදහා ගැසට් එක ගහනකම් තමයි හිටියේ.

වාහන සදහා රජයේ වියදම් අඩු කරනවා. රජයේ නිලධාරීන්ට නිල වාහන ලෙස ලාබාදී ඇති වාහන අධික නඩත්තු වියදම් තියෙන වාහන. ඉහළ ඉන්ධන පරිභෝජනයක් තියෙන වාහන. අවුරුදු හත අට පැරණි වාහන. වාහන සදහා වන අධික වියම් පාලනය කිරීම සදහා තෝරාගත් නිලධාරීන්ට, සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සදහා වන අධික වියදම් පාලනය කිරීමට කටයුතු කරවා. සැලකිය යුතු මුදලක් වාහනයක් හිමි නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරනවා.

මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නේ නෑ. වාහන ලැබෙන්නේත් නෑ.

සැමට ඩිජිටල් හැදුනුම්පතක් – මුදල් නෝට්ටු භාවිතාවත් අවම කිරීමට පියවර

ඩිජිටල් හැදුනුම්පත් හදුන්වාදීමටත්, මුදල් නෝට්ටු භාවිතාව අවම කිරීමටත් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

2012 ඉදලා ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කරනවා. නමුත් තාමත් අපිට එතැනට යන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් ඩිජිටල් හැදුනුම් පත අවසන් කරනවා.ඒක තමයි ඩිජිටල්කරණයේ මුලික පදනම වන්නේ.

මේ සදහා ක්‍රියාවලිය දැනටමත් ආරම්බ කර තිබෙනවා. ඒක කඩිනම් කරනවා.

ඩිජිටල් පද්ධතිවල ආරක්ෂාව ඉතා වැදගත්. නව නීති සම්පාදනය හා තියෙන නීති ගෙන ඒම මගින් ඩිජිටල් ආරක්ෂණය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

ආයතනික රාමුව ශක්තිමත් කරවා.

ඩිජිටල් ආර්ථික අධිකාරියක් සකස් කරනවා. දත්ත ආරක්ෂණයට අදාල නීති හා ආයතන ශක්තිමත් කරනවා.

ඩිජිටල් ගෙවීම් තවත් මූලික අංගයක්. රජයේ ව්‍යාපාර හා පුරවැසියන් අතර ගලා යන ඩිජිටල් ගෙවීම් වේගවත් කරනවා. මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත්වීමට අවශ්‍යයි. එය පැහැදිළි සන්නිවේදනයක් සහිතව ප්‍රවේශමෙන් අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනවා.

තිබෙන ආර්ථිකය කඩා වැටීමට නොදී මුදල් නෝට්ටු භාවිතාව ක්‍රමයෙන් අවම කිරීමට කටයුතු කරනවා.

ආයෝජන කලාප – රජයේ ඉඩම් පුද්ගලික අංශයට

අයෝජන කලාප පුද්ගලික අංශයට ලබාදෙන බවත් රජයේ ඉඩම් පුද්ගලික අංශයේ ආයෝජන සදහා ලබාදෙන බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.

පරිසර හිතකාමී කාර්මික උද්‍යාන පිහිටුවීමට රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය සහ පුද්ගලිකව පවත්වාගෙන යනු ලබන කලාප හරහා රජය සිය සහාය ලබාදීමට කටයුතු කරනවා

අපිට ආර්ථික කලාප තියාගත්තට අපිට අයෝජන ගෙන්වා ගැනීමේ හැකියාවක් නෑ. සමහර ආර්ථික කලාප පුද්ගලික අංශයට ලබාදීමට අපි සූදානම්. ඔවුන්ට කලමනාකරණය කරන්නත් පුලුවන්. ආයෝජකයින් ගෙන්වා ගන්නත් පුලුවන්.

නැගී එන ආයෝජනවලට ගැලපෙන පරිදි ආර්ථික සංවර්ධන පනත සංශෝධන කරනවා

ඵලදායි ආර්ථික කටයුතු සදහා, රජය විසින් භාවිතා නොකළ රජය සතු ඉඩම් බදු දෙනවා. විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා නිසරු භාවයට පත්ව තිබෙනවා. ඒවා වඩාත් ඵලදායී ආයෝජන සදහා ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

යෝජිත කොළඹ බටහිර 2 පර්යන්තය හා උතුරු පර්යන්තය ව්‍යාපෘති අවසන්වූ පසුව කොළඹ වරායේ සැලකිය යුතු ලෙස වරායේ ක්‍රීයාත්කාරීත්වය ඉහළ නංවාවි. මෙම ව්‍යාපෘති දෙක සදහා මාසයක් ඇතුළත අභිලාශයන් කැදවීමට කටයුතු කරනවා.

අලුත් රේගු පනතක්

නව රේගු පනතක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසුවේය.

“ආදායම් එකතු කිරීමේ හා වෙළද පහසුකම් කාර්යක්ෂම කිරීමට නව රේගු පනතක් අරගෙන එනවා. දැනට සකස් කර තිබෙන රේගු පනත සංශෝධනය කරනවා. නව රේගු පනතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ සදහා දැනටමත් කටුයුතු ආරම්භ කර තිබෙනවා“ ජනාධිපතිවරයා කීය

නිදහස් වෙළද ගිවිසුම් ගොඩක්

නිදහස් වෙළද ගිවිසුම් පුළල් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවේය.

“ආර්ථික සම්බ්නධතා වැඩි කිරීම සදහා, උපායමාර්ගික හවුල්කරුවන් ලෙස නිදහස් වෙළද ගිවිසුම් ජාලය පුලුල් කිරීමට කටයුතු කරනවා.

අපගේ භාණ්ඩ හා සේවා අපනයන වැඩි කිරීමරාජ්‍ය තාන්ත්‍රීක දූත මණ්ඩලවල දැඩි කැපවීම හරහා ආර්ථික රාජ්‍යතාන්ත්‍රීකරණයක් කරා යොමු වනවා. “

කවුරුවත් බය වෙන්න එපා – 2028 දී ණය ගෙවනවා

2028 වසරේදී ණය ගෙවීම් සිදු කරන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවෙක් බිය විය යුතු නැතැයි ජනාධිපතිවරයා පැවසුවේය.

“2028 වසරේ සිට වැඩිවන ණය ගෙවීම් සදහා හොද සූදානමක සිටිනවා. කවුරුවත් බිය විය යුතු නෑ. ගත්ත ණය ගෙවිය යුතු වෙනවා. ණය ගෙවීම සදහා හැකියාව ලැබෙන ආර්ථිකය

2028 දී ණය සාර්ථකව ගෙවන රාජ්‍යයක් බවට පත්වෙනවා. කවුරුවත් බය වෙන්න එපා.” ජනාධිපතිවරයා කීය.

සියයට 5ක ආර්ථක වර්ධනයක්

මේ වසරේදී සියයට 5ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා අය යැය ලේඛනය ඉදිරිපත් කරමින් සදහන් කළේය.

2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ අනුව පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.