අගවිනිසුරු සහ ජනපති ඔලුවෙන් හිටවා පෙන්නූ ‘ 1971 කැරැල්ලේ හත්වන විත්තිකරු ‘ අද අවසන් ගමනේ(VIDEO)

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු අද (20) ගාල්ල රුහුණු මල් ශාලාවේදී පැවැත්වීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළා.

‘රාවය’ පුවත්පතේ නිර්මාතෘ සහ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු ඊයේ (19) කරාපිටිය ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 76 වැනි විය පසු කරමින් සිටියා.

අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව කටයුතු කරමින් ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ පළමු වතාවට පුවත්පතේ මුල් පිටුව කළු පැහැයෙන් මුද්‍රණය කළ ඔහු අගවිනිසුරු සරත් එන්. සිල්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ඉදිරියේ අගවිනිසුරුධූරයේ දිවුරුම් දුන් ඡායාරූපයක් ඔලුව පහළට සිටින සේ පළ කරනු ලැබුවා.

ඔහු පිළිබඳව පහතින් නැරඹිය හැකියි.