මත්ද්‍රව්‍ය උවදුර දැන් පාසලේ පන්තියටත් රිංගා අවසන්ය.එහි හොඳම සාක්ෂිය ඊයේ රාජගිරිය ප්‍රදේශයේ මිශ්‍ර පාසලකින් වාර්තා වුණි.
ඒ,මත්කරල් වර්ගයක් භාවිත කළ සිසුවියන් 06 දෙනෙකු සිහිසුන්ව රෝහල් ගත කර ඇති බවයි.
ඒ අතර සිටි එක් සිසුවියක මත්ද්‍රව්‍ය පාසලට රැගෙන විත් සිය මිතුරියන් 05 දෙනෙකු සමග එය පානය කර ඇති බවයි වාර්තා වුණේ.
එක් සිසුවියකගේ අම්මා මෙම මත්ද්‍රව්‍ය වෙළඳා මේ නිරත කාන්තාවක් වන අතර ඇය විකිනීමට ගෙනා මත්කරල් කිහිපයක් සිසුවිය පාසැලට ගෙනවිත් තිබෙනවා.
ඇය තමන්ගේ මිතුරියන් පස් දෙනෙකු සමග මේ මත්ද්‍රව්‍ය අත්හදා බලා ඇති අතර එහි ප්‍රථිපලය වී ඇත්තේ එම සියල්ලන්ම සිහි නැති වීමයි.
වැලිකඩ පොලිසිය එම සිසුවියකගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර සිසුවියන් රෝහල් ගත කර තිබුණා.
විදුහල්පතිවරයා මේ සිදුවීම ගැන ඉහළ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළේද යන්න තවමත් ප්‍රශ්නයක් බවයි මවුපියන් සඳහන් කරන්නේ.
ඊයේ පස්වරුව වන විටත් සිදුවීම වසන් කිරීමට විදුහල්පතිවරයා උත්සාහ දරා ඇති අතර මාධ්‍යවේදීන් ඔහුට ඇමතුම් දෙමින් විමසීම් කිරීමත් සමග ඔහුට කරකියාගත හැකි දෙයක් නැතිව තිබෙනවා.
අධ්‍යාපන බලධාරීන් සාම්ප්‍රදායික සාකච්ඡාවලින් මිදී මහපොළවට බැස ඉක්මනින් තීරණයක් නොගත හොත් මත්ද්‍රව්‍ය පන්ති කාමරයේම භාවිතා කළ බවට පුවත් වාර්තා වීමට වැඩි කලක් නොයනු ඇත.
අගමැතිනියනි මේ ඔබේ අවදානය පිණිසයි.