2025 වසර සදහා ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛනයෙන් ජනාධිපතිවරයාට සියයට 27.8ක මුදලක් වෙන් කර තිබේ.
ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක, මුදල්, ක්‍රම සම්පාදන, ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ සදහා විසර්ජන පනත් කෙටුම්පතෙන් සියයට 27.8ක් වෙන් කර ඇත.
ඒ අනුව ුමදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 714ක් වෙන් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 442ක් වෙන් කර ඇත. ඩිජිටල් ආර්ථික අමාතයාංශයට රුපියල් බිලියන 13ක් ලෙස 2025 රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 4218න් බිලියන 1169ක් ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර ඇත. ඒ අනුව එය සමස්ත වියදමෙන් සියයට 27.3කි. ඊට එමරතව ජනාධිපති කාර්යාලයට රුපියල් බිලියන 3ක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ ඇති වැය ප්‍රමාණය සමස්ත වැයෙන් සියයට 27.8ක් වෙයි.
චසන්ත සමරසිංහ ඇමැතිවරයා යටතේ පවතින වෙළද වානිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයට විසර්ජන පනත් කෙටුම්පත මගින් වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 2.5කි. ඒ අනුව ප්‍රභල කැබිනට් අමාත්‍යාංශයකට වෙන් කරන මුදලට වඩා වැඩි මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් සදහා වෙන් කර තිබේ. මෙසේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කැබිනට් අමාත්‍යාංශයකට වැය ශීර්ෂයට වඩා වැඩි වී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරුන් සදහා ලබාදී තිබූ වරප්‍රසදා කප්පාදු කරමින් වියදම් අඩු කර තිබුණ තත්වයකදීය.
කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් ඇමැතිවරු 22 දෙනෙක් සිටින අතර අමාත්‍යාංශ 24ක් තිබේ. ඉන් අමාත්‍යවරු 21 කට වෙන් වී ඇත්තේ රාජ්‍ය වැයෙන් සියයට 72.2කි.
2025 වසර සදහා ආණ්ඩුවේ ඇස්තමේන්තු වියදම රුපියල් බිලියන 4616කි. එයින් සේවා සදහා වන වියදම බිලියන 4218කි. මෙම වියදම් සදහා රුපියල් බිලියන 4000 නොයික්මවන ණය ලබාගත හැකි බවද විසර්ජන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මේ වසර සදහා වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. ඒ සදහා රුපියල් බිලියන 1021ක් වෙන් කර ඇත. අමාත්‍යාංශය සදහා බිලියන 496ක් හා පළාත් සභා වෙනුවෙන් බිලියන 535ක් ලෙස එම මුදල වෙන්වී තිබේ.
මීට අමතරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙනුවෙන් බිලියන 404ක මුදලක් වෙන් කර ඇත.
මුදල් ක්‍රම සම්පානදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාශයට රුපියල් බිලියන 714ක් වෙන් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 508ක් වෙන් කර ඇත. එයින් ජනමාධ්‍ය විශයට අයත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, හා තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවේන බිලියන 29ක් වෙන් කර ඇත. ඒ අනුව සෞඛ්‍ය අංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 479කි.
ප්‍රවාහන මහා මාර්ග, වරාය සහා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 473ක මුදලක් වෙන් කර ඇත. එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති මුදල් බිලියන 30කි.
ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 442ක් වෙන් කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 175ක් වෙන් කර ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් බිලියන 12ක මුදලක් වෙන් කර ඇත.