කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති VEGA Innovations සමාගමේ නිෂ්පාදන නිරීක්ෂණය කිරීම සදහා එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ සංචාරයක නිරතවූවේය.
ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එම ආයතනයට ගොස් පැවසුවේය.
VEGA Innovations සමාගම නිපදවා ඇති ලොව තෙවන වේගවත්ම විද්‍යුත් මෝටර් රථය ලෙස සැලකෙන “ VEGA විද්‍යුත් මෝටර් රථය ”, 100% දේශීයව නිපදවා ඇති විද්‍යුත් ත්‍රීවිල් රථ හා සමාගම විසින් AI තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති අනෙකුත් නිෂ්පාදන නිරීක්ෂණය කළ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා එවැනි පරිසර හිතකාමී නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා ඇති බාධාවන් ඉවත් කිරීම සඳහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජය කිසිසේත්ම පසුබට නොවන බවද පැවසීය.
VEGA Innovations සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා අදහස් දක්වමින් වසර 2030 වන විට AI තාක්ෂණය සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක වෙළඳපළක් තිබෙන බවත් එම වෙළඳපළෙන් 1% ප්‍රමාණයක් එනම් ඩොලර් බිලියන 150 ක් ලබා ගැනීමේ අරමුණින් මෙම AI තාක්ෂණ ලංකාවේ ප්‍රචලිත කළ හැකි බව පෙන්වා දෙන ලද අතර මේ වනවිට ලෝකයේ විද්ද්යුත් ත්‍රීරෝද රථ සඳහා ඩොලර් බිලියන 30 ක ඉල්ලුමක් පවතින බවත් ලංකාවට ඉන් 10% – 15% ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇති බවද පැවසීය.