හැම්පර්ස් වැනි තුටු පඬුරු එපා කියන පොලිස් ලොක්කා

අලුත් අවුරුද්දට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හැම්පර්ස් වැනි තුටු පඩුරු ලබා නොදෙන ලෙස උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන්ට, පොලිස් ස්ථානාධිපතිවරුන්ට දක්වා පොලීසියේ පහළ නිලධාරීන් දක්වා ලිඛිත නියෝගයක් ලෙස හැම්පර්ස් අවශ්‍ය නොවන බවට වන නියෝගය ලබාදී ඇත.

නව වසර උදාවීමේදී තමන් හමුවීමට පැමිණ සුබ පැතුම් එක් කිරීමට අවශ්‍ය නොවන බවත්, සුබ පැතීමට අවශ්‍ය නම් දුරකතන ඇමතුමක් ලබාදීම හෝ වට්ස් ඇප් පණිවුඩයක් නිකුත් කිරීම ප්‍රමාණවත් බවත් එම ලිඛිත නියෝගයේ දැක්වේ.

තමන්ට මෙන්ම උතුරු පළාතේ කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට මෙවැනි හැම්පර්ස් ලබාදීම අවශ්‍ය නොවන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සදහන් වේ.