අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ උපදේශක යුවාන් රුයිඩොං මහතා ඇතුළු දූත පිරිස අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (18) පැවැත්විණි.
මානව සම්පත සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්රතිලාභ සහිත ක්ෂේත්රවල ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙරටේ මැදිහත්වීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාවේ ආධුනික ශිෂ්‍යයන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් සඳහා අවස්ථා වැඩි කිරීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා චීනයේ සහයෝගීතාව ලබාදීම මෙන්ම චීන සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතන අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සහ චීන රජයන් අතර අනාගත සහයෝගීතාව ඉහළ නංවාගත යුතු ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.