මහින්දගේ ආරක්ෂකයාට බස් 12ක්.. ටිපර්08ක්..පිරවුම්හල් 3ක් – මූල්‍ය ආයතන 47ක මුදල්

යෝෂිත රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි ප්‍රශ්ණ කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් කර තිබුණද ඔවුන් දෙදෙනාම CID මගහැර තිබෙන බව වාර්තා වනවා.

කෙසේ නමුත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් එම දෙපාර්තමේන්තුවට පැමිණ සදහන් කර ඇත්තේ යෝෂිත රාජපක්‍ෂට සහ නෙවිල් වන්නිආරච්චිට එම දිනයේ පැමිණීමට අපහසු බවයි.

ඔවුන්ව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකෙරෙන යම් පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ‍මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි 2010 සිට 2015 දක්වා වසර 05 ක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද නඩු 5ක් ගොනු කර තිබෙනවා.

නෙවිල් වන්නිආරච්චි සතුව මගී ප්‍රවාහන බස් රථ 12ක් ටිපර් රථ 08ක් ඉන්ධන පිරැවුම් හල් 03ක් ආදී දේපළ ඇතැයිද වානිජ බැංකු සහ මූල්‍ය ආයතන 47ක මුදල් සඟවා තිබෙන බවද පොලිසිය විසින් ඉහත නඩුවලට අදාල විමර්ෂණවලදී සොයාගෙන ඇති බව වාර්තා වනවා.