චීන 5G සංවර්ධන සමුළුව ඊයේ(12) ශැංහයිහිදී පැවැත්විය. චීනයේ “14 වැනි පස් අවුරුදු සැලැස්මේ” 5G ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය Zhang Yunming මහතා එම සමුළුවේදී පැවසීය.
රජයේ මධ්‍යස්ථාන, සංස්කෘතික සහ සංචාරක දර්ශනීය ස්ථාන සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වැනි ගමනාගමන ස්ථාන 5G ජාලයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල අඛණ්ඩ ව්‍යාප්තිය පුළුල් කර ඇති බව ද එහිදී අනාවරණය විය.
5G තාක්ෂණය 5G-A තාක්ෂණ මට්ටම දක්වා උසස් කිරීම ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කරමින් මූලික තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කිරීම චීනයේ අපේක්ෂාවයි.
5G-A තාක්ෂණය, 5.5G තාක්ෂණය ලෙසද හැඳින්වෙන අතර එය 5G තාක්ෂණයේ සිට 6G තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීමේ තාක්ෂණයකි. මේ වන විටත් චීනයේ ප්‍රධාන විදුලි සන්නිවේදන ක්‍රියාකරුවන් 5G-A ජාල රට පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කර තිබේ.