රනිල්ගේ වියදම් හතරට බෙදලා අනුර අතුරු සම්මත ගිණුමක් දාලා – චාමර සම්පත්

රනිල් වික්‍රමසිංහ වසරකට වියදම් කළ මුදල හතරට බෙදා අනුර කුමාර දිසානායක අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර ඇතැයි පැර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම පිළිබද විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

ඔය මාතර පැත්තේ අය මැතිවරණ වේදිකාවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එලවනවා කිව්වා. එලෙව්වද? මහ බැංකු අධිපති එලවනවා කිව්වා. එලෙව්වාද? ඔයගොල්ලන්ට එලවා ගන්න බැරි වුනා. වෙළද ඇමතිතුමාට පොල් ලක්ෂ 10ක් දෙන්න බෑ. රජයේ වතුවල පොල් නෑ

අගමැතිතුමියට කීල්ස් එකේ බඩු ගන්න පුලුවන්. අහිංසක මිනිස්සුන්ට පොල් ගෙඩි පෝලිමේ ගන්න බෑ. එවෙලේ අරගෙන උයන්නේ.

සතොසේ පෝලිම්වල රස්තියාදු ගහන අය හිටීවි. පොලොවේ යතාර්ථය තේරුම් ගන්න.

අගමැතිතුමියට වැඩක් නැති නිසා කීල්ස් එකට ගිහින් බඩු ගන්න පුලුවන්. පැය 12 වැඩ කරන අයට සතොසේ පෝලිමේ ඉදලා හාල් කිලෝ 5යි පොල් ගෙඩි 3යි ගන්න බෑ.

රාජ්‍ය යන්ත්‍රණය ගෝඨාභය රැවටුවේ ඔහොම තමයි. ළග අය ගන්නේ නැතිව දුර අය ගන්න.

තාත්තලා පුතාලා, බාප්පලා පුතාලා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. අම්මමලා දූලා හිටියා. ඒත් නෝනලා මහත්තයලා හිටියේ නෑ. ඒත් මේ පාර්ලිමේන්තුවේ නෝනලා මහත්තයලත් ඉන්නවා