විදුලි බිල අඩුවෙන්නේ නෑ – විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි

විදුලි බිල සංශෝධනය කිරීමට නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී තිබේ.

මාස හයක් යන තෙක් මෙම විදුලි ගාස්තුව පවත්වාගෙන යා යුතු බවද ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී ඇත.

විදුලි බිල සියයට 30කින් අඩු කරන ලෙසට වෘත්තීය සමිති නායකයින් අද දින ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා