2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් ඇතිවූ ආරවුලක් නිසා මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය සිදුකොට පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් වූ හය දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.