දිගටම වහින වැසි නිසා නිල්වලා ගඟේ ජල මට්ටම ඉහලට, සුළු ගංවතුර තත්වයකුත්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.