” වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා.
එම ආසාධිතයා මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.
ඔහු මෑතකදි විදේශයක සිට එරටට සංක්‍රමණය වූවෙකු බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර එම ආසාධිතයා සමඟ සම්බන්ධතා පැවැත්වූවන් පිළිබඳව සොයා බලා අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බවද එරට සෞඛ්‍ය අංශ පවසනවා.