අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පුද්ගලයින් දෙදෙනෙකු මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු සහ දුම්රිය සහයකයෙකු ලෙස කටයුතු කරන දෙදෙනෙක්.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 යි මිලි ග්‍රෑම් 320ක් සහ ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 සහ 30 අතර ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.