උද්දිකගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට අනුරාධපුරයේ හිටපු ASP අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුරයේ හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

මේ අතර මීට පෙර සැකකරුවෙක් ලෙස නම් කළ ඔහුට විදෙස්ගතවීම වළක්වාලමින් අධිකරණය තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබුණා.