ජනාධිපති අපේක්ෂකයින් හට සිය ප්රතිපත්ති ප්රකාශන සහ අනෙකුත් ලියකියවිලි තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට අවස්ථාව හිමිව තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මෙම සේවාව නොමිලේ සැපයෙන බවයි.
ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට තම ප්රතිපත්ති සංග්රහයන් සහ අනෙකුත් ලියකියවිලි කිසිදු වියදමකින් තොරව බෙදා හැරීමට අවස්ථාව හිමිවනවා.