2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙනවා.
එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ පිළිවෙලින් නාමයෝජනා භාර දුන් පිරිසගේ නම් ලයිස්තුවයි.
01. ජනාධිපතිවරණය සඳහාවූ පළමු නාමයෝජනා පත්‍රය ජනතා මව්බිම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ලබාදුන්නා.
02. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
03. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදුන්නා.
04. සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
05. ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා.
06. ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා.
07.සරත් ෆොන්සේකා මහතා.
08.රොෂාන් රණසිංහ මහතා.
09.ජනක රත්නායක මහතා.
10. ස්වාධීන අපේක්ෂයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා යන අය ද නාමයෝජනා භාරදුන්නා.
කෙසේනමුත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 දෙනෙක් නාමයෝජනා භාරදුන් බවයි.
නාමයෝජනා භාරදීම පහත සබැඳිය හරහා සජීවීව නරඹන්න.
https://www.facebook.com/srilankanews.news/videos/2596675850532805