අරුණ දර්ශන තරගයෙන් ඉවත් කිරීමට හේතුව මෙන්න

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වුණු ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබෙනවා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදුණේ සිව්වැනි මංතීරුවේයි.

සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුවත් සමග අරුණ දර්ශන ඊයේ (07) රාත්‍රී 11.05ට පමණ ක්‍රීඩාංගණයට පිවිසියා.

එම ඉසව්ව අවසන් කිරීමට අරුණ තත්පර 44 යි දශම 7යි 5ක කාලයක් ගතකළා.

එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්වූ අතර ඔහුගේ දක්ෂතාව දෙවැනි වුණේ සුගත් තිලකරත්නට පමණයි.

නමුත් එම තරගයේදී අරුණ, ධාවන මංතීරු නීතී උල්ලංඝනය කර තිබීම හේතුවෙන් අරුණගේ එම දක්ෂතාව අවලංගු කිරීමට තරග සංවිධායකයන් කටයුතු කළා.

ඔහු එම තරහයේ පස්වෙනි ස්ථානය හිමිකර ගත්තා.