රන් පතලේ නාය යෑමකින් 11ක් ජීවිතක්ෂයට – 19ක් අතුරුදහන්

ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු අතුරුදන්ව ඇති බව එරට මාධ්‍ය පවසනවා.

පවතින අධික වර්ෂාවත් සමග එරට සුළවිසි දූපත් ප්‍රදේශයේ පිහිටි රන් පතලක එම නායයෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නීතිවිරෝධීව පතල් කැනීමේ නිරතව සිටි පුද්ගලයින් 35 දෙනෙකු මෙම නායයෑමට හසුව ඇති අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර අතුරුදන් වූ 19 දෙනා සොයා සහන සේවකයින් විමර්ශන ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.