විජයදාසට එරෙහි වාරණ නියෝගය යළි දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පනවා තිබෙන වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

ඒ අද (25) එම පැමිණිල්ල කොළඹ දිසාව විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනුකිරීම සඳහා අධිකරණය විසින් කල්ලබා දී තිබෙනවා.

එමෙන්ම දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය එළඹෙන 09 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙසත් එදිනට මෙම නඩුව යළි කැඳවීමටත් කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.