මැතිවරණය කල් දැමීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය ගැන කැෆේ සංවිධානය විසින් ඔවුන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන් ජන සම්මතවාදය ක්‍රියාත්මක වන රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයින් තෝරා ගැනීම සඳහා නිසි කලට නිසි පරිදි නිදහස් හා සාධාරණ ලෙස මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් වන බවත් , එසේ නොකර සිටීම හෝ නොකර සිටින බව හැඟවීම බරපතල ලෙස ප්රජාතන්ත්ර විරෝධී බව ඔවුන් පවසනවා.
එසේම එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි මහ මැතිවරණය හා ජනාධීපතිවරණය වසර දෙකකින් කල් දැමීමට පාර්ලිමේන්තු යොජනාවක් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔවුන් අවධාරණය කරනවා.
එසේම එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු වන හෙයින් එය අතිරේක තත්වයක් නිර්මාණය කරනවා මිස ලේකම්වරයා අදහස් කරන ප්රස්තුත කාරණයට පිළියමක් නොවන බව කැෆේ සංවිධානය සඳහන් කරනවා.
එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ,
” දැනටමත් රජය විසින් අන්තනෝමතික ලෙස පළාත් සභා මැතිවරණය කල්දමා ඇති අතර, පළාත් පාලන මැතිවරනයද නාම යෝජනා කැදවා, මුලික කටයුතු ආරම්භ කර ඒ සදහා රැපියල් කෝටි 94කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර එකී මැතිවරණයද නොපවත්වමින් ප්රජාතන්ත්ර විරෝධී ලෙස කටයුතු කරමින් සිටී.
ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූළව නිසි පරිදි නියමිත කාලසීමාව තුළ අදාළ මැතිවරණ පැවත්වීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරින්ගෙන් කැෆේ සංවිධානය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර එකී මැතිවරණ පැවත්වීමත්, එකි මැතිවරණ වල නිදහස් හා සාධාරණ තත්වය පිළිබදවත් අප සංවිධානය ඉතාම සංවේදිව නිරික්ෂණ කරමින් සිටින බව අවධාරණය කරන්නෙමු.” යනුවෙනි.