ගාලුමුවදොර අරගල භූමියේ දී ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ මාස දෙකක් ඇතුළත වෙන්දේසි කරන ලෙසත් එහි මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසත් කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පැදුරු, කොට්ට, ජෙනරේටර් ඇතුළු එම භාණ්ඩවලට අයිතිවාසිකම් කීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.