ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා අමෙරිකාව බලා යාමට වීසා බලපත්‍රය ලැබී තිබෙනවා.
ඒ අනුව කුසල් මෙන්ඩිස් මහතා ඉදිරි දින කිහිපය ඇතුළත අමෙරිකාව බලා පිටත්ව ගොස් ක්‍රී ලංකා සංචිතයට එක් වනු ඇති.
ICC T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව ගිය අතර මෙන්ඩිස් මහතාට වීසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් කන්ඩායම සමග අමෙරිකාව බලා පිටත්ව යෑමට අවස්ථාව හිමි වුණේ නැහැ.
එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු ලබා දීමේ දී ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඔහුට වීසා ලබා ගැනීම ප්‍රමාද වී තිබුණා.