මැයි මාසයේ ගත වූ දින 16ක කාලය තුළ ඩෙංගු රෝගීන් 1393ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම ඒකකය පෙන්වාදෙන්නේ මෙම වසරේ ගත වූ මාස කිහිපය ඇතුළත දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 23665ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ අතරින් බස්නාහිර පළාතෙන් හදුනාගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8500 ඉක්මවා ගොස් ඇති බවත් බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් සඳහන්. එම සංබ්‍යාව 5044ක්.
මහනුවර, රත්නපුර,කෑගල්ල, ගාල්ල, කුරුණෑගල ආදී ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් හදුනාගෙන තිබෙනවා.
මෙම වසරේ දී ඩෙංගු මරණ 9ක් සිදුව ඇති බව එම ඒකකය වැඩිදුරටත් සදහන් කරනවා.
පවතින වැසි සහිත කාළගුණය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානවමක් පවතින බැවින් අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.