ප්‍රවේශමෙන් යන්න – ඇල්ල වැල්ලවාය මාර්ගය ගැන පොලීසියෙන් දැනුම් දීමක්

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ සවස තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

පොලීසිය දැනුම් දෙන්නේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙසයි.

කෙසේවෙතත් අද (17) දිනයේදීත් වර්ෂාව ඇදහැලුණොත් මෙම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

ඒ අනුව යළිත් ඕනෑම අවස්ථාවක අදාළ මාර්ගය වසා දැමීමට සිදුවන බවත් ඔවුන් දන්වා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!