ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ Galle Face හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මියද සහභාගි වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානයට ලක්වුණා.