මත්ද්‍රව්‍ය විකුණා මිලට ගත් බස් ලංගමයට දුන් අධිකරණය

යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන බස් රථ දෙකක් ගම්පහ ලංගම ඩිපොව වෙත බාර දෙන ලෙස ගම්පහ අධිකරණය නියෝග කර තිබෙනවා.

බස් රථ දෙක මේ වනවිට ගම්පහ ඩිපෝව වෙත රැගෙන විත් ඇති අතර ඩිපෝ අධිකාරී එම්.ඩබ්ලිව්. කමලසිරි පවසන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ලබා දෙන උපදෙස් අනුව ඉදිරියේදී අදාල බස් රථ දෙක මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට කටයුතු කරන බවයි.