”වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්වුණා.
“වසත් සිරිය 2024” අවුරුදු කුමරිය ලෙස අනුරාධපුර, මරදන්කඩවල සිට පැමිණි මාධවී ප්‍රාර්ථනා ජයලත් අභිෂේක ලැබු අතර දෙවන ස්ථානය කුරුණෑගල සිට පැමිණි කේ.පී. අයේෂා ජයසුන්දරත්, තෙවන ස්ථානය පන්නිපිටිය සිට පැමිණි ප්රභානි එදිරිසිංහත් විසින් දිනාගත්තා.
අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ එච්.ඩී. මියුරංගයි.
දෙවන ස්ථානය එච්.ඒ. කෞශාන් සසංක සහ තෙවන ස්ථානය හලාවත සිට පැමිණි ඒ.එම්. හිරුෂ සංදීප විසින් දිනා ගත්තා.
අවුරුදු කුමරා සහ කුමරිය වෙනුවෙන් මුදලින් රුපියල් 100,000 බැගින් සහ රන් ආභරණ ත්‍යාග වශයෙන් හිමි වුණා.
දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක මුදල් තිළිණයක් සහ සැනසිලි තෑගිද, තුන්වන ස්ථානය සඳහා රුපියල් 50,000ක මුදලක් සහ සැනසිලි ත්‍යාග ද ලබාදීම සිදුකෙරුණා.
අවසන් වටයට තේරි පත් වූ අවුරුදු කුමර කුමරියන්ට සැනසිලි ත්‍යාග සහ සහතික පත් පිරිනැමුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණා.
රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත්වූ අතර අමාත්‍යාශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල හිතවතුන් මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියා.
“වසත් සිරිය 2024” මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ වුණා.