2002 වසරේ අගෝස්තු මස 08 වනදා කොළඹ ගෑස්පහ හන්දිය ප්රදේශයේ දී සින්නයියා නඩේෂන් නැමැති පුද්ගලයාව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට අද (29) මරණ දණ්ඩනය නියම කළා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්.
එම විත්තිකරුවන් දෙදෙනාට පැමිණිලිකරුවන් විසින් ගොනුකළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවට නිගමනය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා.
එමෙන්ම එම නඩුවේ දෙවන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමටත් අධිකරණය නියෝග කළා.