ලෝක රැකියා සුරක්ෂිතභාවය සඳහා වූ දිනය අදයි

රැකියා සුරක්ෂිතභාවය සඳහා වූ ලෝක දිනය අදට (28) යෙදී තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය සෑම අප්‍රේල් 28දාකම
සමරනු ලබනවා.

වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මෙවර එහි තේමාවයි.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ
දේශගුණික විපර්යාස හේතුවෙන් දැනටමත් ලොව පුරා සිටින කම්කරුවන් අධික තාපය, පාරජම්බුල කිරණ, ආන්තික කාලගුණික සිදුවීම්, වායු දූෂණය, වාහක මගින් බෝවන රෝග සහ කෘෂි රසායන වැනි උපද්‍රවවලට නිරාවරණය වීමේ වැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි.