දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සැක සහිතයි

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි සංචාරක බංගලාවේ කාමරයක ඊයේ (23) මියගොස් සිටි දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ මරණය සැක සහිත බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඔහු මියගොස් සිටි කාමරයේ, නාන කාමරයේ සහ ස්ථාන කිහිපයක ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි සාක්ෂි ලබන මස 14 වනදා අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.